පාර්ලිමේන්තුවේ ජනපතිවරයෙක් තෝරා ගැනීමට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙසින් එක් නොවුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සඳහා එක්වන බවට ප්‍රකාශ කල සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදි ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දක්වන බවට ප්‍රකාශ කළේය.
ඔහු ඉන් නොනැවතී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම පාර්ලිමේන්තුවට යේජනා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා එම යෝජනාව ස්ථිර කළේය.
පාර්ලි මේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය ජි.ඒල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට එකඟතාවක් ඇති බවත් මේ අවස්ථාවේදී එය සිදුවිය යුතු දෙයක් බවද පැවැසීය.
රට බලාපොරොත්තුවන්නේ එය බවත් ඔහු ප්‍රකාශ කළේය.