සජිත්ට මඩොල්සිමට ඇවිත් සමාව ගන්නැයි කියයි
“මගේ නායකයා කියාගෙන ඉන්න සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම්. වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා.
ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න, ඇවිත් මගේ ජනතාව ඉස්සරහ සමාව ඉල්ලන්න. එහෙම නැවත අපි අපේ ගමන යමු .
නැතිනම් වඩිවේල් සුරේෂ් නැහැ. මගේ ජනතාවගෙන් සමාව ඉන්ලුවේ නැතිනම් මම සමගි ජන බලවේගයත් එක්ක. නැහැ මම ඔබතුමත් එක්ක ගමන නැහැ” යැයි සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ නායක වඩිවේල් සුරේෂ් මහතා (1) දා බදුල්ලේදි පැවසීය.
ලංකා ජාතික වතුකම්රු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය බදුල්ලේදි පැවැති අතර එම රැළිය අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මෙසේද පැවැසිය .
“ජනධිපතිතුමනි ඔබතුමා හරි දක්ෂයි. පෙට්‍රල් පෝලිම් නැතිකලා. ඊයේ රෑත් පෙට්‍රල් අඩුකලා. මම හිතුවා පෙට්‍රල් මිල අඩුකලාම මේ පැත්තෙන් වතු ජනතාවගේ පඩි වැඩිවුණා කියල මැසේජ් එකක් එයි කයිල.
කෝ පඩි ? පෙට්‍රල් ඩීසල් අඩුකලා වගේම මේ ජනතාවගෙ ප්‍රශ්න ඉවරකරන්න පුළුවන් හොද නායකයෙක් කියල ඔබතුමාට කියනවා .ඔබතුමා අපි ගැන ඇස් ඇරලබලන්න. පුංචි අම්මගේ සැලකිල්ල ඇයි අපිට.
වතුකරයේ ජනතාවට ඇයි පුංචි අම්මගේ සැලකිල්ල. අපිට ඇයි එහෙම කරන්නෙ. අපිට ගෙවල් අයිති නැහැ. ඉඩම් අයිති නැහැ. දවස පඩි නැහැ. සියළු තේ කම්හල් වහලා. ඔක්කොම කැලෑවෙලා.
අක්කර නම දාහක් කැලෑ වෙලා. කම්පැනි කරන කොට ලක්ෂ 12 යි කම්කරුවො දැන් එක් ලක්ෂ හතලිස් තුන්දහස දක්වා අඩුවෙලා”
popular news
-
Demuni Uduwara Monday, 01 May 2023 11:04 PM
You all were treacherous while labour wages computing on Cost of living index was ceased in 1992. You all mainly CWC Leader S Thondaman and LJEWU Leader Gamini Dissanayake et al kept mouth shut. Present workers experience its repercussions today!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

