විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26දා) උදෑසන දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.ඇය තම දරු දෙදෙනා වන සන්ජේ ජයකොඩි සහ අමායා ජයකොඩි යන දරු දෙදෙනා සමග මෙසේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක්ද පසුගිය 20දා සටහන් කර ගත්තේය.