පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දුන් ආයතන වල අනෙකුත් පක්ෂ සමග එකට එක්ව සභා පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟතාවයකට පැමිණ තිබේ.
අද (19දා) දෙපාර්ශවයේ නියෝජිතයන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙලෙස එකඟතාවකට පැමිණ ඇත.