සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරිමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනක සාර්ථක නොවන බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ (13) දින පැවති මාධ්‍ය හමුවකදී දිගම්බරම් මහතා ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ දෙකම වෙන් වෙන් වශයෙන් සිට කටයුතු කර එළබෙන සෑම මැතිවරණයකදීම පක්ෂ දෙකම එකට එක් වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් බලය ලබා ගැනීමට හැකි බවයි.
දමිළ ප්රගතිශීලි සංධානයද එම යෝජනාව පක්ෂ දෙකටම ඉදිරිපත් කර ඇති බවත්, මන්ත්‍රීවරයා පැවසීය.
එක රටක් එක නීතියක් තුල ගල්කිස්ස අධිකරණ භූමියේදි නීතීඥවරයෙකු විසින් පොලිස් නිළධෘරියෙකුගේ රාජකාරියට බාධා කල එම නීතිඥවරයාටද නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වත්මන් රජය මගින් දූෂිතයන් අධිකරණය හමුවට පැමිණ වීමට ගෙන යන වැඩපිලිවල අගය කලයුතු දෙයක් බවත්, ඒ සදහා තමන් රජයට පූර්ණ සහයෝගය ලබා දෙන බවද පලනි දිගම්බරම් මහතා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.
ඉකුත් රජය හමුවේ වතුකරයේ ජනතාව හමුවේ තමන් නිවාස රැසක් ඉදි කල බවත්, එම නිවාස වලට හිමිකම් ඔප්පු තමන් ලබා දුන්නද වත්මන් රජය මගින් එම නිවාස ලාභීන්ට ලබා දෙන්නේ හිමිකම් සහතිකයක් පමණක් බවයි පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටින්නේ.
ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට ලබා දුන්නේ හිමිකම් ලිපියක් බවට පැවසූවද එම පක්ෂයෙම ඇතැම් ඇමතිවරු විසින් එම හිමිකම් ලිපිය ඔප්පුවක් ලෙස සලකා ප්‍රකාශ නිකුත් කරන බවත්, වතු කම්කරුවන්ගේ වැටුප මේ වසර අවසන් වීමට ප්‍රථම රු.1700 දක්වා වැඩි කරන බවට බණ්ඩාරවෙල දී ජනාධිපතිවරයා පොරොන්දු වූවද තමන් වතු සමාගම් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමේදි තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉහළ යෑම හමුවේ එම මුදල ලබා දීමට නොහැකි බව වතු සමාගම් විසින් පැවසූ බවද පලනි දිගම්බරම් මහතා එම මාධ්‍ය හමුවේදි තව දුරටත් පැවසීය.