මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්රණයක් මගින් ක්රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය අදහස් කරයි.
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිණි.
එම සාකච්ඡා වලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කීය.
මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව එකට වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.