සජබ යේ 10ක් රනිල්ට එක්වෙනවා - ඇමති මහින්දානන්ද
ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බවත්, හ,ර,එ,ස යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එලෙස එක්වන මන්ත්‍රීවරුන් අතර වන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවෙදී අද (24දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
තව මාස දෙක තුනක් යනකොට බලාගන්න පුලුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහතා ලඟ හිටගන්නවාද කියලා. කැට තියලා කියනවා තව සුමාන දෙකයි. එන අයගේ නම් ටික කියන්නද? 08 දෙනෙක් එනවා. දැනට 10ක් කතා කරලා තිබෙනවා.
මම අර කිව්වානේ 10ක් ගැන. හ යන්නෙන් එක්කෙනයි, එ යන්නෙන් එක්කෙනයි, ර යන්නෙන් එක්කෙනයි, ස යන්නෙන් එක්කෙනයි. ඔයාලගේ ඒ නම් ටික බලාගන්න. ඒ මුල් අකුරු 4ම කිව්වම. යැයි ඇමතිවරයා පැවසීය.
popular news
-
Nandana Thursday, 24 March 2022 10:43 AM
Kaata ekathu unath phottuwata nam ekathu wenne naha, gon kama eka wath therenne Naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

