සමගි ජන බලවේගය හෙට (20දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීම, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට බල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා හෙට කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර, ඊට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු සමගි ජන බලවේගයට සම්බන්ධ අනෙකුත් පක්ෂවල නායකයන්ද සහභාගි වීමට නියමිතව තිබේ.