සමගි ජන බලවේල ප්රධාන කාර්යාලය ඉදිරිපිට සිදු වුණු සිදුවීම තමා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස තම පොලීසියට උපදෙස් ලබා දුන් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් මහතා සමගි ජන බලවෙගයේ ප්රධාන කාර්යාලය පිළිබඳ ඊයේ(10දා) පාර්ලිමේන්තුවේ පැවති විවාධයේදී දැක්වූ අදහස් සම්බන්දයෙන් ප්රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මධුර විතානගේ මන්ත්රීවරයා එම ප්රහාරය එල්ල කිරීමට පැමිණි බව වීඩියෝ දර්ශන වල තිබෙන බවත් එමෙන්ම ප්රහාර එල්ල කිරීමට පැමිණි මන්ත්රීවරයා විසින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලීසියට උපදෙස් ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් බවත් එහිදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙම ප්රහාරය හමුවේ සිදු කර ගනු ලැබුවේ ඓතිහාසික වරදක් බවත්, ආණ්ඩු මාරැ වීමත් සමග මෙම ප්රහාරයට පැමිණි සියලු පුද්ගලයක්ට එරෙහිව දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා සඳහන් කළේය.