සජබත් රනිල්ට සහාය දෙයි - මන්ත්‍රීවරු ගත්තොත් සහාය නෑ
ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහය ලබා දීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවීමට එහිදී තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) කණ්ඩායම් රැස්වීම පැවති අතර, එහිදී මෙම තීරණ ගත් බව සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
අදාල නිවේදනය මගින්,
"මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ විශ්වාසයි.
ඒ අනුව වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතික තීන්දු කරනු ලැබීය.
එහෙත්, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද මන්ත්‍රී කණ්ඩායම තීන්දු කරන ලදී."
යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
popular news
-
sg Monday, 16 May 2022 06:11 PM
I think SJB needs to give their active support by accepting ministerial portfolios for a short time period. Also, they can do a crucial role regarding enhance the country's economy as well as the political system towards a better path.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

