සජිත් - විමල් පාර්ලිමේන්තුවේදී ගැටෙති
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ හිටපු නිවාස අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් විරවංශ යන මහත්වරුන් එකිනෙකාට අභියෝග කරගනිමින් සිදු කළ වචන හුවමාරුවකින් අද (09දා) පාර්ලිමේන්තුව උණුසුම් විය.
දෙදෙනාම එකිනෙකාට චෝදනා කළ අතර චෝදනා ඔප්පු කළ හැකි උවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටද අභියෝග කරගත්හ.
අමාත්‍යාංශ නිවේදන යටතේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යාංශයේ නිවාස ඉදිරිකිරීම් පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු දැක්විය. එහිදී විමල් විරවංශ මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අධාරකරුවන් කොන්ත්‍රාත් පදනම මත නිවාස සංවර්ධන අධිකාරියේ සේවයට බඳවාගෙන ඔවුන් නිශ්චිත කාර්යක් නොමැතිව අධිකාරියේ විවිධ ශාඛාවල රඳවා තිබෙනවා දැයි ඔහු එහිදී විමසීය.
සජිත් ප්‍රේමදාස මහතා එම කාරණා ප්‍රතික්ශේප කළ අතර ඔහු විසින් විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන සමයේදී පවුලේ ඥාතීන්ට නිවාස ලබාදුන් බවට නාම ලේඛණයක් ඉද්රිපත් කරන්නට විය.
එහිදී එයට විරුද්ධ වෙමින් විමල් වීරවංශ මහතා පැවසූයේ එම නම් සඳහන් කරන පුද්ගලයන් මේ වන විටත් එම නිවාසවල රැඳී සිටිනවා නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

එවිට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කළේ තමා ඉදිරිපත් කළ තොරතුරු සත්‍ය තොරතුරු බවත්, ඒවා අසත්‍ය නම් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත්ය. මේ ආකාරයට අමාත්‍යවරය සහ මන්ත්‍රීවරයා අතර වචන උණුසුම් වචන හුවමාරුවන් සිදු වූ අතර එහිදී භාවිතා වූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවද කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස සජිත් ප්‍රේමදාස සහ විමල් විරවංශ යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධකරමින් හැසිරුනු අකාරය සම්බ්නධයෙන් කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී දෝශාරෝපණය කළේය.
popular news
-
Champa Thursday, 09 August 2018 09:11 PM
ඔප්පු කරගන්න බැරි චෝදනා කරන්නේ සජිත්. විමල්ගේ අභියෝගේ සජිත් බාරගන්න. ඊට පස්සේ වෙන්නේ ගෙදර යන්න. සජිත් කියන්නේ හුගක් බරපතල චෝදනා තියෙන ඉතිහාසයක් තියෙන කෙනෙක්. ඒ හැම චෝදනාවක්ම යට ගියේ දේශපාලන බලය නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

