සංචාරකයන්ගෙන් අයකරන වැට් ආපසු ගෙවීමට කවුළුවක්
විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන්ට ආපසු ගෙවීම අඟහරුවාදා (11දා) දින සිට ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අඟහරුවාදා පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විවෘත කිරීමට නියමිතය.
2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.
popular news
-
Champa Monday, 10 September 2018 06:02 PM
විදේශිකයන්ට සියලු වරප්‍රසාද. රජයට ලැබෙන්න තියෙන ආදායමක් නැති කරගන්නවා. ඇයි ඉතින් ලංකාවේ මිනිසුන්ගෙන් ලේසියෙන්ම පික්පොකට් ගහන්න පුළුවන්නේ. මේක මෝඩ තීරණයක් කියලා තව වැඩි දවසක් යනකොට තේරෙයි, අනිත් ඒවයෙත් ගණන් අඩු කරලා ඉල්ලන්න පටන් ගන්නකොට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

