සිංගප්පූරු ගුවන් සේවයෙන් නවතම ඒ - 350 ගුවන් යානයක්
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සදහා සිංගප්පූරු ගුවන් සේවය මෙතෙක් යොදවා තිබූ ඒ.- 330 ගුවන්යානය වෙනුවට , නවතම ඒ. – 350 එයාබස් ගුවන් යානයක් යෙදවූ අතර , එම ගුවන් යානය ඊයේ ( 1) දින රාත්‍රී ප්‍රථම මංගල ගුවන් ගමනේ යෙදෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
මෙම ගුවන් යානය සිංගප්පූරුවේ සිට ඊයේ දින රාත්‍රී 11.35 ට , සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්. - 465 ලෙසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකයේ , ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ගෙන ජල ආචාරයක් පැවැත්වූ අතර , එයට සමගාමිව සිංගප්පූරු ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී හූ යොං යාව් , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම , මෙම ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ උපසභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක් ද ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ දී පැවත්වුණි.
මෙම ගුවන් යානයේ දිග හැරිය හැකි ඇදන් සහිත ව්‍යාපාරික පංතියේ ආසන 40 ක් සහ පිරිමැසුම්දායක ආසන 262 ක් ඇතුළත් මුළු ආසන 302 න් සමන්විත වේ .
මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියේ සෑම දිනකම රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණ , යළි අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව යයි .
ඊයේ දින මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 277 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , යළි ආපසු ගුවන් මගීන් 292 ක් රැගෙන සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
සිංගප්පූරු ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරබා ඇත්තේ 1970 වසරේ දී ය .
කටුනායක- ටි.කේ.පි කපිල


popular news
-
Ruwan Thursday, 03 October 2019 06:43 AM
I was in this flight but no adequate AC on this day. But SA is one if the best in all aspects.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

