සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු  සෞඛ්‍ය වෘත්තීයවේදින් එළැඹෙන 09 දින උදෑසන 8.00 සිට 10දා උදෑසන 8.00 දක්වා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඒ අනුව ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පවසයි.
1. වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.
2. සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම
3. 2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,
a. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් නොවීම
b. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,
i. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛය නිකුත් කිරීමට වන ප්‍රමාදය
ii. විෂමතා ඉවත් වන පරිදි 2010/11/01 දින දක්වා අදාල තීරණය පෙරදාතම් කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.
4. වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ “රනුග්ගේ වැටුප් කමිටු“ වාර්තාව මෙතෙක් ක්‍රියාත්මක නොවීම.
5. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.
6.       අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම.
යන ඉල්ලීම් මුල්කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                