සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඔවුන් වෙනවෙන් පෙනී සිටි නීතීඥවරු කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (14) මුලික විරෝධතාවයක් මතු කළේය.
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමෙන් මූල්‍ය පනත උල්ලංඝනය කළ බවට නඩු පැවරිය හැක්කේ මහේස්ත්‍රාත් උසාවියේ වුවත් නීතීපතිවරයා තම සේවාදායකයින්ට එරෙහිව නඩු පවරා ඇත්තේ මහාධිකරණයේ බව පෙන්වා දුන් නීතිඥවරු මෙම නඩුව තවදුරටත් පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති හෙයින් තම සේවාදායකයින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවුනු ලැබු අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම මුලික විරෝධතාවය මතු කළේය.
2006 සහ 2008 කාල වකවානු අතරතුරදී මුල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා ඇත.
නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා විරෝධතාවයක් මතු කරමින් තම සේවාදායකයින්ට එරෙහිව මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයාට හැකියාවක් නැතැයි පැවසීය.
මුල්‍ය පනතේ 38 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමෙන් මූල්‍ය පනත උල්ලංඝනය කළ බවට නඩු පැවරිය හැක්කේ මහේස්ත්‍රාත් උසාවියේ බව පෙන්වා දුන් නීතිඥ ගාමිණී අල්විස් මහතා මෙම නඩුව මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ විභාග කළ යුතු බවද පෙන්වා දුන්නේය.
එහෙයින් තම සේවාදායකයින්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි මුලික විරෝධතාවයක් මතු කරමින් පැවසු නීතීඥවරයා විත්තිකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ විරෝධතාව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලිඛිතව ඉදිරිපත් කිරීමට පැමිණීල්ලට නියම කළ විනිසුරුවරයා නඩුව ලබන අගෝස්තු 02 වැනිදා කැඳවීමට නියම කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ නීතිඥ රවීන්ද්‍ර සෙනරත් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ නීතීඥ ගාමිණී අල්විස් මහතා පෙනී සිටියේය.