තමා කිසි ලෙසකින් පක්ෂය හැර නොයන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
අද(25දා) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු පබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය – සංවිධායකවරුත් අස්වෙමින් යනවා. ඔබතුමත් අස්වෙන්නද යන්නේ ?
පිළිතුර- පිස්සුද? මේ අපි හදපු පක්ෂය අපි දාලා යන්න ? පිස්සුද? මෙහෙමයි සංවිධායකවරු අස්වෙන එකයි මම කියපු එකයි පටලවා ගන්න එපා. මම දන්න තරමට බොහෝ සංවිධායකවරුන්ට මේ මැතිවරණයෙන් පස්සේ ගොඩක් තැන් වල තියෙන්නේ ලැයිස්තුවෙන් පත් කරන එකනේ. ඒ පිළිබඳව ගැටළු ඇවිල්ලා තමයි අස්වෙලා තිබෙන්නේ.