කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (23) පස්වරුවේ උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන (URP) සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතිය (SCURP) සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
නාගරික අවිධිමත් ජනාවාස වෙනුවට මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010 වසරේ බව මෙහි දී සිහිපත් කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා 2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් සාදා නිමකිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
ප්‍රධාන වශයෙන් කොළඹ අඩු පහසුකම් නිවාස මහල් නිවාස බවට පත් කිරීම මෙහි ඉලක්කයයි. ඒ අනුව නිවාස ඒකක 14,611ක් දැනටමත් ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස 5590ක් දැනට ඉදිකරමින් තිබෙන බව ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.
මෙම වැඩසටහන්වල පළමු කාර්තුවට අදාළ ප්‍රගතිය සහ ඉදිරි කාර්තු වලට අදාළ අපේක්ෂිත ප්‍රගතිය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව කාලිංග මාවත, හයසිය එක වත්ත(ස්ටේඩියම් ගම) සහ කොළොන්නාවේ දැනට වැඩ අවසන් වූ නිවාස ව්‍යාපෘති හා කාලිංග මාවතේ සහ කොළඹගේ මාවතේ මේ වසරේ වැඩ අවසන් වීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබඳව හෙතම පැහැදිලි කළේය.
කුරුණෑගල විල්ගොඩ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී නිවාස ඒකක 300ක ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
මෙය අමතරව චීන ප්‍රදාන යටතේ නිවාස 1996ක් ලැබී ඇති බවත් එම නිවාස ව්‍යාපෘති දෙමටගොඩ, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාට ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත බවත් උදය නානායක්කාර මහතා මෙහි දී කරුණු හෙළි කළේය.
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක මේ සෑම ව්‍යාපෘතියක්ම 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට සැලසුම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආධාර යටතේ කොළඹ ඇපල්වත්ත අදියර 3 යටතේ ඉදිවන නිවාස 400ක්, කිඹුලාඇල නිවාස 472ක්, මහරගම නිවාස 600ක් ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.
ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේදැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍යතුමා මෙහි දී විමසා සිටියේය.
අදාළ ව්‍යාපෘතිය කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත් කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් එහි ඉදිවන බවත් මෙහි දී නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්හ.
රුපියල් මිලියන 6-7ක් වටිනා නව නිවසක් වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ගෙන් දැනට අයකරන මුදල රුපියල් මිලියනයක් පමණ බවත් එම මුදල මසකට රු.3000 වැනි සුළු මුදලක් යටතේ වසර 30ක දී අයකර ගන්නා බවත් මෙහි දී සඳහන් විය.
නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කුලී පදනම යටතේ සිටින පදිංචිකරුවන් වෙනුවෙන් ද නිවාස ලබා දිය යුතුයැයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂමහතා මෙහි දී පෙන්වා දුන්නේය.
ජාතික සැලැස්මට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.
