සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින උපදෙස් දුන්නේය.
ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.
ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ආයතන තුනක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 55,452 ක් වෙන්ව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අදාළ මුදල් මේ වසර අවසන්වීමට පෙර ව්‍යාපෘති සඳහා වැය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.
මෙහි දී ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළහ.
වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පුරවන්න තහනම් කර නැහැ. අවශ්‍යම අය ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.
පානදුර නගරය ජලයෙන් යටවීම පාලනයට කිසියම් ව්‍යාපෘතියක් මේ දක්වා සැළසුම් කර නොමැතිවීම ගැන අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
අනාගතයේ පානදුර නගරය ජලයෙන් යට නොවන්න ව්‍යාපෘතියක් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.
වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ දැනට දිස්ත්‍රික්ක හයක වැව් 65ක් හඳුනාගනිමින් කරනු ලබන ප්‍රතිසංස්කරණ කටුයුතු පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු විය.
අදාළ වැව් 23ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව ඇති බව නිලධාරින් මෙහි දී පෙන්වා දුන්නේය. මෙසේ ප්‍රතිසංස්කරණය කරන වැව්වල නාමාවලියක් සහ අදාළ තෝරාගැනීම් කළ අකාරය සඳහන් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය