සංජීවනී වීරසිංහ 69 ලක්ෂයෙන් ඉවත් වෙයි
තමන් 69 ලක්ෂයේ හිටපු කෙනෙක් බවත් වත්මන් ජනපතිවරයාට ඡන්දය දුන්නේ රටට යහපතක් වෙයි කියන බලාපොරොත්තුවෙන් බවත් ප්‍රසිද්ධ නිළි සංජීවනී වීරසිංහ මහත්මිය පැවැසුවාය. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති විරෝධතාවකට එක්වෙමින් ඇය මේ බව පැවැසීය.
“මම කවුරුත් අහන 69 ලක්ෂයේ හිටපු කෙනෙක්. අපි ගොඩක් විශ්වාසයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට වැඩ කළා. ශ්‍රී ලාංකිකයන් විදින දුක ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපි කවුරුත් එකතු වෙනවා. මට තියෙනවා එක දෙයක් කියන්න මේ වෙලාවේ පක්ෂ, පාට පටු අරමුණු ලංකර ගන්නේ නැතිව අපි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කථා කරන්න ඕන.
ඊට පෙරාතුව මම කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීලා නෑ. ප්‍රජාතන්ත්‍රවායද අනුව රටට යහපතක් කරයි කියලා හිතන පක්ෂයට අපි සහාය දුන්නා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ කියලා දැනෙන කොට ඒකට විරුද්ධ වෙන්නත් අපිට අවස්ථාව තිබෙනවා.
සමහරු ඉන්නවා මේ අය පොහොට්ටුවට උදව් කළේ අපිට එකතු වෙන්න ඕන නෑ කියලා හිතන. නමුත් ඒක ගණන් ගන්නේ නැතිව මම ආවේ ශ්‍රී ලාංකීය මහජනතාව නියෝජනය කරන අයෙක් හැටියට දැනට පවතින පොහොට්ටුවේ රජයට මගේ අප්‍රසාදය පළ කිරීමට.
මේ පවතින රජය අසීමිත බලය අවභාවිත කරපු හැටි මිනිස්සු තැලුන පෙලුණ හැටි මගේ අප්‍රසාදය තිබෙනවා. දැන්වත් රටේ මිනිස්සු ගැන හිතලා ක්‍රමවේදය වෙනස් විය යුතුයි.
අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දේ දුන්නේ රට හදන්න. ඒකට ද්විත්ව පුරවැසියන් ඇවිල්ලා රටේ වගකිවයුතු අමාත්‍යධුරය අරගෙන රටේ ආර්ථිකය විනාශ කරනවානම් මිනිස්සු දුක් විදිනවානම් ඒකට සහාය දෙන්නේ නෑ. අපි කොයි වෙලාවෙත් ශ්‍රී ලාංකේය ජාතිය සමගයි. මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිලි දිගු කරනවාට වඩා අපි එක් ජාතියක් ලෙස එක්විය යුතුයි”

popular news
-
Prabath Sunday, 10 April 2022 01:03 PM
Api dannawa oya dunneth GR ta bawa. Thanks. Please wait, he will do it in near future. He (HE) has full power to remove all and need to remove all 225. He will do it. Wait. Oya udgoshanaya kattiya hithanna api monawada lankawa diyunu karanna monawad kale kiyala. Mekata api okkoma waga kiwayuthui habai chande dunna hinda hinda nevei. Udgoshana karata, strick karata me prashne wisadenne nahe. Gota giyatath me prashne visadenne naha. Visadumak api hoyamu ekathuwela. Oya JVP ayatath mokawath karanna therenne naha. Kathawa vitharai. Dakkane Chandrika Kumaranathunaga kale karapu hati Bari hinda ain vune. Pabath.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

