මෙරටට පැමිණ සිටි මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියක් අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමග ගොස් සිටියදී එහිදී ඇණවුම් කර තිබෙන මිශ්‍ර පානයකට ( cocktail) කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර එක් තරුණියක්ව ලිංගිකඅතවරයකට ලක් කර බව කියන එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු බෙන්තොට පොලීසිය විසින් අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.
එම අතවරයට පත්විදෙස් තරුණිය ඇගේ මිතුරිය සමග අප්‍රේල් මස තිස් වන දින මෙරටට පැමිණ එදිනම කටුනායක ගුවන් තොටුපොළේ සිට සංචාරක සමාගමක් සමග ඇල්ල වැල්ලවාය බදුල්ල නුවර, නුවරඑළිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කර නැරඹීමේන් අනතුරුව මැයි 10 වන දින බෙන්තොට තරු පන්තියේ සංචාරක හෝටලයක ඉතිරි දින ගනන ගතකිරීමට අද17 දින තෙක් නැවතීමට පැමිණ සිටියදී වෙසක් පෝයට පෙර දින අසල අවන්හලකට ගොස් සිටියදී මෙම අතවරයට මුහුණ පා ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
සිද්ධිය වූ දින අතවරයට ලක්වූ තරුණිය ඇගේ මිතුරිය සමග මෙකී අවන්හලට ආහාර ගැනීමට ගොස් සිටියදී දෙදෙනා ඇනවුම්කර තිබෙන මිශ්‍ර පානයක් බීමෙන් පසු අසාමාන්යමත්ගති තත්ත්වයකට පත්ව තිබෙන බවත් සුව එක් තරුණියක් තමන් නැවතී සිටි හෝටලයට පැමිණ පියවි තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තම මිතුරිය නොමැති බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දී පසුව හෝටල් කළමනාකාරිත්වය බෙන්තොට පොලිසියට පැමිණිලි කර තිබේන අතරතුර අතවරයට පත් 26 හැවිරිදි විදෙස් තරුණියද පොලිසියට පැමිණ තිබෙන අතර ප්‍රකාශ ලබාගෙන ඇයව බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර අවන්හල් හිමිකරු සහ සේවකයන් දෙදෙනා වන වයස අවුරුදු 40, 28, සහ 23 හැවිරිදි තිදෙනා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා