සංචාරක වීසා මගින් කාන්තාවක් නිතිවිරෝධි ලෙස ඕමානයට යවා ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් ආපසු ගෙන්වා ගැනීමට රු.460,000.00 ක මුදලක් ලබාගත් කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගන්නා ලදි.
හලාවත ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සියානා නමැති අවුරුදු 30 ක් වයසැති මෙම සැකකාර කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකට ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයේ රැකියාවක් ලබාදීමට පොරොන්දු වී ඇත. නමුත් පසුව ඩුබායි රාජ්‍යයේ රැකියා නොමැති බව පවසා සංචාරක වීසා මගින් ඇය ඉන්දියාව හරහා ඕමානයට යැවීමට කටයුතු කර තිබේ.
ඕමානයේ දී ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් නැවත ආපසු ගෙන්වාදීම සඳහා සැකකාර කාන්තාව රු.460,000.00 ක මුදලක් විදේශ ගත වු කාන්තාවගේ සැමියාගෙන් ලබාගෙන ඇය ගෙන්වා දීමට කටයුතු කර ඇත.
මේ පිළිබදව අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනූව විමර්ශන නිලධාරින් මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකාරිය ඊයේ (20දා) දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදේශ ගමන් තහනමක්ද පනවා රුපියල් ලක්ෂ 5 ක ශරිර ඇප මත මුදාහරින ලදි. වැඩිදුර නඩු විභාගය 2023 ජුනි මස 7 දිනට කල් දමන ලදි.
මෙම අත්අඩංගුවට ගැනීමේ කටයුත්ත සඳහා විමර්ශන අංශයේ සරත් විමලවීර,මධුෂාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිලධාරිහු සහභාගි වුහ.