දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම විදෙස් සංචාරකයන් ලක්ෂ 2ක සීමාව ඉක්මවා පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මාසය තුළද සංචාරකයන් 209,181 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඒ අනුව මේ වසරේ ගතවූ මාස තුනක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 635,784 කි.