මේ වසරේ පෙබරවාරි 19 වන දා දක්වා මේ වන විට ලංකාවට පැමිණි ඇති සංචාරකයන් සංඛ්‍යාව 150,000 කට ආසන්න බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 ක් බවත් මේ මස ගෙවි ගිය දින 19 තුළ සංචාරකයන් 65,674 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත් ඔහු පවසයි. ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ ගෙවි ගිය දින 19 තුළ වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි.
සංචාරකයන් 23,264 දෙනෙකු රුසියානු සමූහාණ්ඩුවෙන් මේ වසරේ දී ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් 19,593 දෙනෙකු පැමිණ තිබේ. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මේ වසර තුළ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වේවි යැයි ඒ අනුව විශ්වාසය පළ කළ හැකි බවයි.