මෙරටට සංචාරක පැමිණීම මාර්තු මාසයට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 60,000කට ආසන්න ප්රමාණයකි.
ඉකුත් මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 110,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබේ. මෙරට දෛනික සංචාරක පැමිණීමද මේ වනවිට 1000-1500ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇත. මාර්තු මාසය තුළ දෛනික සංචාරක පැමිණීම සැලකීමේදී එය 4000-5000ත් අතර රැඳී තිබිණි.
සංචාරකයන් පැමිණීම අඩුවීමට මෙරට පවතින ඉන්ධන හිඟය, ගෑස් හිඟය, ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය බලපා ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයද එයට යම් හේතුවක් වී ඇතැයි වාර්තා විය.
පවතින ඉන්ධන, ගෑස් හිඟය හේතුවෙන් සංචාරක සේවා සපයන හෝටල් බොහෝමයක් අර්බුදයට ලක්ව ඇත. එමගින් සංචාරක ක්ෂේත්රයේ රැකියාවල නියුතු වූවන්ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.