ශ්‍රී ලංකාවට මේ වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ මේ මාසයේදී මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 84000ක් පැමිණීමත් සමගිනි.
මේ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 608,489ක් බවට පත්ව තිබේ. පසුගිය වසර තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 719,978කි.