ෆ්ලෙමින්ගෝ නොහොත් සියක්කාරයා නමින් හැඳින්වෙන සංචාරක කුරුලු විශේෂය මේ දිනවල උතුරු මුහුදු තීරයේ පිහිටි කලපු ආශ්‍රිතයන්හි විශාල වශයෙන් දැකගත හැකි වුවද මෙවර එම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් දැකගත නොහැකි තරම්ය.
සියක්කාර කුරුලු විශේෂයන් සාමාන්‍ය වශයෙන් වර්ග 5 ක් පමණ දැකගත හැකි වන අතර ඔවුන් ලෝකයේ දක්නට ලැබෙන වර්ණවත්ම කුරුලු විශේෂයක්ද වෙයි. එමෙන්ම අප්‍රිකානු රටවල ජීවත්වන මෙම කුරුල්ලන් එම රටවලට සීත සෘතුව පැමිණීමත් සමග උණුසුම් රටවල් සොයා කිලෝමීටර් දහස් ගණනක් ගෙවා පියසර කිරීම සිදුවෙයි.
සියක්කාර කුරුලු පවුලේ රජ සියක්කාර කුරුලු විශේෂය වැඩි වශයෙන් ශ්‍රීලංකාවේ උතුරු මුහුදු ආශිතව පිහිටි කලපුවල විශාල වශයෙන් දැකගත හැකිවන අතර එක් රංචුවක කුරුල්ලන් 500 ත් 1000 ත් අතර ප්‍රමාණයක් දැකගත හැකිය.
කෙසේ නමුත් පසුගිය කාලයන්හි මෙම කුරුලු විශේෂය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් උතුරු කලපු ආශ්‍රිතව දැකගත හැකි වුවත් මේ වන විට සංචාරක පක්ෂියෙකු වූ ෆෙලෙමින්ගෝ පක්ෂීන් උතුරු කලපුවල සිටියද සංචාරකයින් කිසිවෙකු දැකගත නොහැකිය.
මන්නාරමේ පිහිටි කලපු කිහිපයකම මෙම සියක්කාර කුරුලු විශේෂය විශාල වශයෙන් රංචු ගැසී සිටියද ඔවුන් බැලීමට කිසිදු සංචාරකයෙක් නොමැති බවටත් පසුගිය වසරවල සංචාරකයින් පැමිණීමෙන් තමන්ට සැලකිය යුතු ආදායමක් ලබාගත හැකි වූ බවටද මන්නාරමේ ජනතාව පවසති.
රටේ පවතින වතමන් ආර්ථික පසුබෑම සහ පවතින ඉන්ධන හිගයත් සමග මන්නාරමේ සංචාරක ස්ථාන සියල්ලක්ම හිස්ව පවතින බවටද මන්නාරම් වැසියන් වැඩිදුරටත් පවසති.

