නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ සංචාරක පැමිණීම් 27,213 ක් වූ අතර, වසර සඳහා සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවා යාමට ආසන්න දුරකින් ශ්රී ලංකාව පසුවෙයි.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව ජනවාරි 01 සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළ ශ්රී ලංකාවට සංචාරකයන් 595,471 ක් පැමිණ තිබේ.
ඔක්තෝම්බර් මස හතරවන සතියේ සිට අඛණ්ඩව සති තුනක් ශ්රී ලංකාවට සංචාරක පැමිණීම 10,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
නොවැම්බර් මස මුල් සතියේදී ශ්රී ලංකාවට සංචාරකයින් 12,431ක් පැමිණ ඇති අතර දෙවන සතියේදී ඒය සංචාරකයින් 14,782 ක් දක්වා දක්වා සියයට 19 කින් ඉහළ ගොස් තිබේ.
නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තෙ රුසියාවෙන් වන අතර නොවැම්බර් සංචාරකයන්ගෙන් සියයට 25ක් රුසියානු සංචාරකයන් වෙයි.