සංචාරක ක්ෂේත්රයට ගෙන්වන්න යන වාහන වලින් සියයට 68ක්ම ගෙන්වන්නේ සමාගම් දෙකකින්
සංචාරක ක්ෂේත්රය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමේදී සමාගම් දෙකකට 68%ක ප්‍රමාණයක වාහන ආනයනයට ලබා දීම ඇතු ගැටළු කිහිපයක් මතුව තිබෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඊයේ(10දා) කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"සංචාරක කර්මාන්තයට වාහන අවශ්‍යයි. ඒ වාහන ගෙන්වන්න තහනමක් තියෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන 1,000ක් ෙග්න්න අනුමැතිය ලබා දිලා තියෙනවා. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ගැටලුවක් මතුවෙලා තියෙනවා.
ඒ තමයි මේ ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කළාම ඉන්වොයිස් යටතේ සිදුව තිබෙනවාද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවාද, කොහොමද ආයතන 02ට විතරක් 68%ක් වාහන ගේන්න අවස්ථාව ලැබුණේ, ඇයි මේකට ඔන්ලයින් සිස්ටම් එකක් නැත්තේ වගේ ගැටලු ගොඩක් ආවා.
ඒ අනුව කාරක සභාව විදියට ඒකාබද්ධ කමිටුවල් පිහිටුවනු ලැබුවා. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරැ අමාත්‍යාංශය, මහබැංකුව, ෆිස්කල් ඇන් පොලිසි දෙපාර්තමේන්තුව, කස්ටම් සහ ඉමිග්රේෂන් යන ආයතන සියල්ල එකතු කරලා ඒ වාර්තාව ඔවුන් අපිට ලබා දුන්නා. ඒක අපි සභාගත කරනවා. එහි තියෙනවා මෙහිදී අවභාවිතා කිරීමක් සිදු කරලා තියෙනවා කියලා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

