2022 වසරේදී මේ දක්වා සංචාරක ක්ෂේත්ර යෙන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1022ක් බවට පත්ව තිබේ. ඒ ඔක්තෝබර් මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 75.6ක ආදායමක් උපයා ගැනීමත් සමගිනි.
2021 වසරේ අනුරූප කාලයේදි සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන තිබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 158.2ක් විය. පාස්කු ප්රහාරය හා කොවිඩ් වසංතයට පෙරාතුව ශ්රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත්වූයේය.
මේ වසරේදී මේ දක්වා සංචාරකයන් ලක්ෂ 6කට අධික පිරිසක් ශ්රී ලංකාවට පැමිණ තිබේ.