සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව අද (10දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
සංචාරක ව්‍යාපාරයට සෘජු හා වක්‍ර සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවති. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙමින් තිබිය දී උද්ගත වූ අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් විය. ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්රය කඩිනම්ව නගාසිටුවිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
රට පිළිබඳ වැරදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මගින් නිවැරදි කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.
සංචාරක ක්ෂේත්රයේ නියැලෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණි.
මහා, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාවය ද නිලධාරීහු පෙන්වා දුන්හ.
සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්රයට ලබාගත හැකි බව ද සාකච්ඡා කෙරිණි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වූහ.