විනය විරෝධි ක්රියාවල යෙදෙන භික්ෂුන්ට එරෙහිව පියවර ගැනීම සඳහා සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතුබව අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස හිමි සඳහන් කරයි.
වැරදි කරන භික්ෂූන් ආරක්ෂා කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැකි බවත් එවැනි භික්ෂුන්ගේ නිකායේ නායන ස්වාමින්වහන්සේලාට විනය පරීක්ෂනයක් කර නෙරපා හැරිය හැකි බවද උන්වහන්සේ සඳහන් කරයි.
එමෙන්ම එසේ නොවේ නම් පොලීසියට සහ අධිකරණයට වැරැද්දේ ප්රමාණයට දඬුවම් කිරීමේ කිසිදු තහනමක් නොමැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.
තවද භික්ෂුන්ගේ විනය විරෝධි සිද්ධීන් යොදාගෙන බුද්ධ ශාසනයට සහ සමස්ථ සංඝයාවහන්සේලා විනාශ කිරිමේ සංවිධාන ඇති බවත් ඒවාට විශාල වශයෙන් මුදල් සැපයීම් සිදුවන බවත් ඒ හිමියන් පවසයි.