ජනප්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියා සන්තකයේ තිබූ හෙරෝයින් ග්‍රෑම් 203 ක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් බැව් කුලියාපිටිය පොලිසිය කියයි.
එලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිිටිය ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සංගීත කණ්ඩායමක සේවය කරන්නෙකි.
ලද තොරතුරකට අනුව රැකවල් ලා සිටි පොලිසිය මුල් අවස්ථාවේදී සැකකරුගේ යතුරුපැදිය නවතා පරීක්ෂා කර බැලීමේදී හොරොයින් ග්‍රෑම් 38ක් සොයාගන තිබිණ. සැකකරු අදාළ හෙරොයින් තොගය සමගින් අධිකරණයට ඉදිරිපත් කර කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතාගෙන් ඉල්ලීම් කර ලබාගත් රැ`දවුම් නියෝගය අනුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කැලෑබද ප්‍රදේශයක සූක්ෂමව ස`ගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 165ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවිය.
අනතුරුව අදාළ හෙරොයින් තොගයද සමගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුගේ ප්‍රකාශ අනුව තවත් ජාවාරම් කරුවන් රැසක් පිළිබ`ද තොරතුරු අනාවරණය වූ බවත් මේ වනවිටත් එම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් දැල එලා ඇති බවත් පොලිසිය කියයි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර