ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන හළකට ගොස් තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉනධන ලබා ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය ශ්‍රී ලංකාවේ ජනතාවගේ එදිනෙදා දිවියට උපකාරී වනු ඇති බවයි.

