චීනයේ ජනපති ලෙස තෙවැනි වරටත් සිය ධුරය තහවුරු කර ගැනීමට වත්මන් ජනපති ෂී ජින්පින් සමත්විය. ඒ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජතික කොංග්රසයේදී යළිත් වරක් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස පත්වීමත් සමගිනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ මාඕ සේතුංගෙන් පසුව චීනයේ බිහිවු වඩාත්ම බලවත් නායකයා බවටද ෂී ජින්පින් පත්වෙනු ඇත. කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තවත් වසර 5කට චීන ජනපතිවරයා කටයුතු කරනු ඇත.