ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට (12දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එදින රජයේ සියලුම ආයතනයන් හි ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසද රජය දැනුම් දෙන අතර එදින රජයේ නිවාඩු දිනයක් නොවන බවද නිවේදනයේ සඳහන් වේ.