ෂැංග්‍රීලා බෝම්බයෙන් සහ්රාන් මැරිලා - DNA පරීක්ෂණයෙන් තහවුරුයි
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී.එන්.ඒ. පරික්ෂණය සිදුකළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
මෙම පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබේ.
සුජිත් හේවාජුලිගේ

popular news
-
chathuri Tuesday, 21 May 2019 04:35 PM
කොත්තු රොටියේ වඳ පෙති නැහැ පිටි ගුලියක් තියෙන්නේ. කියපු. එකදා .මේ පර්ක්ෂනයත් කෙරුවේ. , තමන්ගේ ජාතිය මෙලෙසන. මි හරක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

