ශුරයන්ගේ කුසලානයේ ජයග්‍රාහකයන්ට රු. මි. 672ක්
2025 ශූරයන්ගේ කුසලානයේ ජයග්රාහකයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24ක ත්‍යාග මුදලක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.එහි අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලයන 1.12ක ත්‍යාග මුදලක් හිමිවෙනු ඇත.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකට ඩොලර් 560,000 බැගින් ප්රදානය කෙරේ. මෙවර තරගාවලියදෙි බෙදා දිමට නියමිත මුව මුදල ඩොලර් මිලියන 6.9 ක් වන අතර එය 2017 දී ලබාදුන් ත්‍යාග මුදල හා සැසදිමේදි 53% ක වැඩිවීමකි.
ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් අටක තරඟාවලියක් ලෙස දිගටම පවතින අතර, කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා ඇත. සෑම කාණ්ඩයකින්ම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.
සෑම කණ්ඩායම් තරඟයක්ම ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් 34,000 ක මුදලක්ව පිරිනමයි. පස්වන සහ හයවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 350,000 ක් පිරිනැමිමට නියමිතය.
හත්වන සහ අටවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 140,000 බැගින් ලබා දෙනු ඇත.මිට අමතරව තරගාවලියට එක්වන සෑම කණ්ඩායමක් වෙනුවෙන්ම ඇමෙරිකානු ඩොලර් 125000 ක දිමනාවක් ලබා දෙනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

