ශිෂ්‍යභට පුහුණුවට පැමිණි සිසු දෙපිරිසක් ගැටී සිසුන් 17ක් රෝහලට
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල අද (21) උදෑසන ඇතුලත් කර ඇති අතර, ඒම ඇතුලත් කරනු ලැබ සිටින සියළු සිසුන් සුළු තුවාල ලබා ඇති අතර, වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරිම් වලින් අනතුරුව රෝහලෙන් නික්ම යෑමට හැකි වෙතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසූහ.
කිසිදු සිසුවෙකුට බරපතල තුවාල තත්වයක් නොමැති අතර සුළු තුවාල පමණක් ඇති බව පැවසේ. සිසුන් දෙපිරිසක් අතර ඇති වු සුළු සිද්ධික් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව පැවසේ.
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇත්තේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් බව පැවසේ. දරුවන්ගේ ගැටුම සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශණ සිදු කරති.
මේ සම්බන්දයෙන් රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයෙන් විමසීමක් සිදු කල විට ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් විස්තර ලබා ගත හැකි බවට ප්‍රකාශ කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
