2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භවීමට නියමිතය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිත අතර විභාගය පස්වරු 12:15ට අවසන් වීමටද නියමිතය.
අද දිනයේදී ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකි බවවිභාග දෙපාර්තමේන්තුව පවසයි.