පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද (22දා) දින මධ්‍යස්ථාන 2,943කදී පැවැත්වෙන අතර, විභාගය උදෑසන 9.30ට ආරම්භ වන බැවින් පැය භාගයකට පෙර දරුවන් විභාග මධ්‍යස්ථානවලට රැගෙන එන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
මීට පෙර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉරිදා දිනකදී පැවැත්වුවත්, මෙවර එය සෙනසුරාදා දිනකදී පැවැත්වෙන බවත්, පෑන්, පැන්සල්, මකන හා පැන්සල් උල් කරන කටරයක් හැර වෙනත් කිසිදු භාණ්ඩයක් විභාග ශලා තුළට රැගෙන යාමට නොහැකි බවද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේය.
එසේම ස්මාර්ට් අත් ඔරලෝසු හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ විභාග ශාලා තුළට රැගෙන ඒමට අවසර නොමැති බවත්, මේ නිසා දෙමවුපියන් මේ පිළිබඳ අවධානය යොමුකර කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
දරුවන්ට කටු වැඩ කිරීමට අවශ්‍ය සියලුම කඩදාසි විභාග දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අතර, විභාගය පැවැත්වෙන අතරතුර ලැබෙන කෙටි විවේකයේදී දරුවන්ට ආහාරයක් ලබාදීමට අවශ්‍ය නම්, ඒ සඳහා කෙටි ආහාරයක් ලබාදෙන ලෙසද එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.
පවතින කෝවිඩ් තත්ත්වය නිසා දරුවන් විභාග මධ්‍යස්ථානයේ ගේට්ටුව අසලට රැගෙන ඒමෙන් පසුව දෙමවුපියන් ගේට්ටුව අසල ගැවසීමෙන් වැළකී සිටින ලෙසත්, විභාගය අවසන් වූ පසු ගේට්ටුව අසලට පැමිණ දරුවන් රැගෙන යන ලෙසත් හෙතෙම සඳහන් කළේය.
පළමු ප්‍රශ්න පත්‍රයට උත්තර සැපයීම හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය තුළ සිදුවන බවත්, දෙවැනි ප්‍රශ්න පත්‍රයට උත්තර සැපයීම් දහවල් 11.00 සිට 12.15 දක්වා කාලය තුළ පැවැත්වෙන බවත් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 340,507ක් පෙනී සිටීමට නියමිත අතර, ඉන් 255,062ක් සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටිති. එසේම 85,445ක් දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටිති.