ශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් බවත් මේ නිසා විභාගයට පෙනී සිටි දරුවන් පීඩනයට පත් කිරීමෙන් වළකින ලෙස තමන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10දා) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්විණ.විභාග අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටියහ.
මෙවර විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 901 දෙනෙකුද පෙනී සිටි අතර ඉන් අපේක්ෂකයන් 12 දෙනෙක් බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටියහ.
අද (10දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක්ද කළාය.
ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව සිසු දරුවන් විසින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරිය දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක්ද සිදු කළාය. දරු දැරියන්ගේ ළමා කාලය ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගනිමින් දරුවාගේ ළමා කාලය විනාශ නොකරන ලෙසත් ඇය පැවසුවාය.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් බවත් මේ හේතුව මත දරුවන් පීඩනයට පත් කිරීමෙන් වළකින ලෙස තමන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය මෙසේද පැවසුවාය.
" මේ පුංචි දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කරන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. 05 ශිෂ්‍යත්ව විභාගය කියන හේතුව මතම දරුවන් අධික ලෙස පීඩනයට පත්වීම වළක්වාගන්න එක අපි හැම දෙනාගේම යුතුකමක්. දරුවන් තමන්ගේ හැකියාව අනුව විභාගයට පෙනී සිටිනවා. දරුවන්ගේ හැකියාව වෙනස් ඒ නිසා දරුවන් සංසන්දනය කරමින් දරුවන් අද විභාගයට ලිව්වේ මොනවාද?, ඒ උත්තර නැවත හොයලා වැරදි උත්තර ලියලා නම් දරුවන්ට බනින්නට ඒ වගේම දඬුවම් කරන්න යන්න එපා.
හරි උත්තරය ලිව්වත් වැරදි උත්තරය ලිව්වත් ඒ දරුවන් ඒ අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය තමයි ඒ පෙන්වන්නේ. ඉතිං අපේ දරුවන් මොන ආකාරයෙන් පිළිතුරු සැපයෙව්වත් දරුවාගේ ළමා කාලය කියන එක අපි හැමෝටම ආපහු ගන්නට බැහැ. ඉතිං මේ ළමා කාලය සතුටින් ගත් කරන්නට පිළිතුරු ලිවීම කියන එක පදනම් කරගන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන එක දරුවාට එක විභාගයක් විතරයි. අනාගතයේදී දරුවන්ට මීට වඩා හොඳ විභාගවලට මුහුණ දීමේ හැකියාව මේ දරුවන්ට තිබෙනවා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක මතම දරුවන් පීඩනයට පත්වෙන වෙ විදිහට කටයුතු කරන්න එපා.
විභාග දෙපාර්තමෙන්තුව සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම්, බෙදා හැරිම් සිදු කළා. පසුගිය කාලයේදී සිදුවූ අඩුපාඩු වළක්වා ගන්න කියලා සියලුම දෙනා දැනුවත් කළා. ”