ශිරන්ති, නාමල්, යෝෂිත අද අධිකරණයේදී හමුවෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා පුතුන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති දූෂණ නඩු තුනක් අද (13) කොළඹ අලුත්කඩේ උසාවි පරිශ්‍රයේදී විභාගයට ගැනේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමකට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වේ.
රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධ ක්‍රිෂ් නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති අතර එම නඩුවද අද දිනයේදී එම අධිකරණයේදීම කැඳවිමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 7 වැනිදා සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි.
නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදා විධායක ශිෂ්‍යභට නිලධාරියකු ලෙස බඳවාගෙන බ්‍රිතාන්‍යයේ ‘Royal Navy Young Officers Course’ පාඨමාලාවට සහභාගි වීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
