සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව අද දිනයේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස සඳහන් කළද තමන්ට ඒ වෙනුවෙන් සති දෙකක කාලයක් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලිපියක් මගින් දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොටඨාසය වෙත ලිපයක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතුවක් හේතුවෙන් තමන්ට අද දිනයේදී එම කොට්ඨාසයට පැමිණිය නොහැකි බව දැනුම් දී තිබේ.