හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය 09/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ඇය සමග රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ .
ඔවුන් 09/16 දින අලුයම 01.10 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන 09/24 දින මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට ද නියමිතය .