හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නයැයි ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාස විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇය මාලිගාකන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත් ගොනු කර තිබුණි.
මෙම අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 06 වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසටද නොතීසි නිකුත් කෙරිණි. කෙසේ වෙතත් මේ වන විටත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.