පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණීය තර්ජනය කළ බව පවසමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .
පේරදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු සිසුවා සිදුකොට ඇති එම පැමිණිල්ලට අනුව පසුගිය 09 වැනි දින දී පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදීසංවිධානය කොට තිබූ ශිෂ්‍ය විරෝධතාවයකින් පසු පීඨාධිපතිවරයා දුරකථන මගින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසමින් අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළ බවට පැමිණිලි කොට තිබේ .
ඊට විරෝධය දක්වමින් සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පේරාදෙණිය විශ්ව විද්‍යාල බලධාරීන්ට බලකරමින් අද (16) පෙරවරුවේදීද සනාතන මන්දිරය ඉදිරිපිටදී සිසු විරෝධතාවක් පැවැත්විණි .
මේ සම්බන්ධයෙන් විමසීම සඳහාපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා දුරකථන මඟින් සම්බන්ධ කර ගැනීමට අවස්ථා දෙකක දීඋත්සාහ කළත් ඉන් එක් අවස්ථාවකදී මහාචාර්යවරයා කාර්යබහුල බව කෙටි පණිවිඩයක් මගින් දන්වා එවූ අතර අනෙක් අවස්ථාවේදී මහාචාර්යවරයා පසුව දුරකථන ඇමතුමක් ගන්නා බවට කෙටි පණිවිඩ එවා තිබුණත් ඒ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය .
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු පවසා සිටියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි .
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් ආරම්භ වී නොමැති බවයි .