මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාන් අබේසේකර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න, නිතිපති දෙපාර්තමේන්තවේ දිලීප පීරිස්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් විශාල සේවයක් කරන නමුත් මෙම සියලු දෙනා මේ වන විට විපක්ෂයේ සතුරන් වී ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ස ඳහන් කළේ ඉහළේ සිටම රට ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක් බවට පත් කළ යුතුව ඇති බවයි.