තර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) නියෝග කලේය.
ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචානාධිකරණය විසින් ආරක්ෂක බලධාරීන්ට මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.