ශ්‍රේෂ්ඨාධිකරණය නව යුගයකට පිවිසෙයි
ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වරට අද දින ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවයේදී ඩිජිටල් අත්සන ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුන්වා දෙන ලදී. සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය භෞතිකව සිදු කරන ලබන්නක් වන අතර 2025.11.20 දින අත්කරගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයක් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙම සාධනීය අත්කරගැනීම අධිකරණ මෙහෙයුම් නවීකරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි කැපවීම පිළිබිඹු කරන බවත් මෙම අධිකරණය දැනටමත් වෙබ් පාදක නඩු කළමනාකරණ පද්ධතියක් (CMS) දියත් කර ඇති අතර, එමඟින් වඩාත් කාර්යක්ෂම හා තාක්ෂණය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියක් සඳහා ශක්තිමත් ඩිජිටල් පදනමක් ස්ථාපිත කෙරේ.
2026 වසරේ සිට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊ-නඩු ගොනු කිරීමේ පද්ධතිය (e-Filing system )අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනු ඇති අතර, එමඟින් නීතිඥවරුන්ට මාර්ගගත ආකාරයට නඩු ගොනු කිරීමට හැකිවනු ඇත. නීති වෘත්තිකයන්ගේ සහ මහජනතාවගේ පහසුව, ප්‍රවේශ්‍යතාවය සහ වේගය වැඩි දියුණු කරමින් දිවයින පුරා විහිදි අධිකරණ වෙත මෙම ඊ-නඩු ගොනු කිරීමේ පද්ධතිය ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.
2025 නොවැම්බර් 21 වන දින සිට, අලුතින් ලියාපදිංචි වූ නීතිඥවරුන් 532 දෙනෙකු ඩිජිටල් අත්සන් තැබීමේ ක්‍රියාවලිය භාවිතා කරමින් දිවුරුම්දීමේ උත්සවයන්හිදී දිවුරුම් දී නීතිඥ මණ්ඩලයට ඇතුළත් කර ගනු ඇත. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණය නවීන ඩිජිටල් යුගයක ඔසවා තැබීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින් 2025 නොවැම්බර් 21 වන දින බඳවා ගැනීම් 90 ක් සම්පූර්ණ කිරීමෙන් මෙම ඓතිහාසික මුලපිරීම ආරම්භ කරනු ඇත,
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

