ශ්‍රී ලාංකිකයන් 41ක් ඔස්ට්‍රේලියාව භාරදෙයි
බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු සාගරයේදීම මෙරට බලධාරීන් වෙත භාරදුන් බව ඔස්ට්‍රේලියාව පවසයි.
මෙම භාරදීම ඊයේ දිනයේදී මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදේදී සිදුව ඇති බව කියයි.
මෙහිදී, බී.බී.සී. පුවත් සේවය පෙන්වා දෙන්නේ මීට පෙර තවත් පුද්ගලයන් 200ක් පමණ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව වෙත භාරදි ඇති බව හිමිකම් සංවිධාන පෙන්වාදෙන බවයි. මෙසේ භාරදුන් පුද්ගලයන් අතර ශ්‍රී ලංකාව තුළ වද හිංසනයට පත්වූවන්ද සිටින බව මෙම හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ යැයි බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ නොකරන, අතර ඉරිදා යළි භාරදුන් පිරිසේ සිව් දෙනෙකු පමණක් දෙමළ ජාතිකයන් බව පවසයි.
ඔස්ට්‍රේලියානු ආගමන පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන්ද මෙම පුද්ගලයන් 41 දෙනා යළි ශ්‍රී ලංකාවට භාරදුන් බව පිළිගෙන ඇති අතර, පුද්ගලයන් 150 දෙනෙකු රැගෙන පැමිණියේ යැයි පැවසෙන දෙවැනි බෝට්ටුවේ ඉරණම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

